මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවෙයි

Tuesday, 11 August 2020 - 17:48

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2877 දක්වා ඉහළගොස් තිබෙනවා.

එම ආසාදිතයන් ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් බවයි සඳහන් වන්නේ.

මේ අතර මෙරටින් වාර්තා වූ තවත් කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2622 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයින් 244 දෙනෙකු පමණයි.

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලාංකිකයින් 222 නෙකු අද අලුයම දිවයිනට පැමිණියා.

කටාර්, ජර්මනිය සහ මාලදිවයින යන රටවලින් ඔවුන් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි එහි සිටින හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.