මෛත්‍රිපාලට, විජේදාසට, මහින්ද යාපාට අද ඇමති ධුර නැහැ, තව ඇමති ධුර 3කට හා කතානායකට ඉඩ

Wednesday, 12 August 2020 - 12:43

%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%A7%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F%E0%B7%83%E0%B6%A7%2C+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90%2C+%E0%B6%AD%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+3%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9
අමාත්‍ය ධුර හිමිවෙතැයි විශ්වාස කළ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන, මහින්ද යාපා අබේවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, රංජිත්  සියඹලාපිටිය, එස්.බී. දිසානායක, මහින්ද සමරසිංහ, ජෝන් සෙනෙවිරත්න යන මන්ත්‍රීවරුන්ට අද (11) අමාත්‍ය ධුර හිමි වූයේ නැහැ.

එස්. බී. දිසානායක මන්ත්‍රීවරයාට නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති ලෙස ජනපති අතින් පත්වීම ලබාගත්තා.

මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ අද කිසිවෙකුත් දිවුරුම් දුන්නේ නැහැ.

ආරංචි මාර්ග සඳහන් කළේ එම රාජ්‍ය අමාත්‍ය ධුරයේ ආචාර්ය විජේදාස රාජපක්ෂ දිවුරුම් දීමට නියමිතව තිබුනත්, එය සිදු නොවූ බවයි. එමෙන්ම අද දිවුරුම් දීමේ උත්සවයට ඔහු පැමිණ සිටියේ නැහැ.

ශ්‍රීලනිප නායක, මෙවර පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වේදීම මනාප ඡන්ද ලබාගත් (111,137ක්) හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන කැබිනට් අමාත්‍ය ධුරයක අද(12) දිවුරුම් නොදීමද විශේෂත්වයක්.

නව පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස මහින්ද යාපා මන්ත්‍රීවරයා පත්වනු ඇතැයිද ආරංචි මාර්ග වාර්තා කළත් එය සනාථ වී නැහැ.

තවත් කැබිනට් අමාත්‍ය ධුර 2කට හා රාජ්‍ය අමාත්‍ය ධුරයකට මන්ත්‍රීවරුන් පත් කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩකඩ පවතිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories