සරුංගල් යැවූ පාසල් සිසුවෙකු විදුලිසැර වැදී මියයයි

Wednesday, 12 August 2020 - 12:56

%E0%B7%83%E0%B6%BB%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සරුංගල් යවමින් සිටියදී විදුලිසැර වැදීමෙන් පාසල් සිසුවෙකු ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් කළුතර - මොරගහහේන - වීදිගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දස හැවිරිදි වීදිගොඩ ප්‍රදේශයේම පදිංචි මෙම දරුවා මීට දින 3 කට ඉහතදී අධිවේගී මාර්ගය ආසන්නට ගොස් සරුංගල් යවමින් සිටියදීයි මෙම අනතුරට ලක්ව ඇත්තේ.

එහිදී සිසුවා යැවූ සරුංගලයෙහි නූල අධිවේගී මාර්ගය ආසන්නයේ ගමන් කරන අධිබලැති විදුලි රැහැනක ගැටී තිබෙනවා.

පසුව දින 3 ක් පමණ කාලයක් හොරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මොහු ඊයේ රාත්‍රියේ ජිවිතක්ෂයට පත්වූ බව පොලීසිය සදහන් කළා.