පොලිස් වෙඩි පහරින් මියගිය සොල්ටා ට - අංගොඩ ලොක්කාගෙන් කොන්ත්‍රාත්තුවක් (වීඩියෝ)

Wednesday, 12 August 2020 - 12:58

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F+%E0%B6%A7+-+%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්වූ අසිත හේමතිලක හෙවත් සොල්ටා නමැත්තාට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ලසන්ත චමින්ද පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා මියයාමට සතියකට පෙර තවත් පාතාල සාමාජිකයෙකු ඝාතනය කිරීම සදහා කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඔහු විසින් මෙලෙස උපදෙස් ලබාදී ඇත්තේ ගයාන් නමැති පාතාල සාමාජිකයෙකු ඝාතනය කිරීම සදහා බවයි කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ.

අසිත හේමතිලක හෙවත් සොල්ටා නමැත්තා අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු වන අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරින් පිරිසකට අත්බෝම්බයකින් දමා ගැනීමට උත්සාහ කිරීමත් සමග පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් ඊයේ රාත්‍රියේ ජිවිතක්ෂයට පත්වුණා.

මොහු 2017 වසරේ නොවැම්බර් 30 වනදා පන්නිපිටිය - රුක්මලේ ප්‍රදේශයේ මංජුලා සදුනි නමැති රූපලාවන්‍ය ශිල්පිනියට සිය නිවස තුලදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස ද කටයුතු කර තිබෙනවා.

එසේම, 2018 වසරේදී චන්ද්‍රිකා කුමාරණතුංග මාවතේ ව්‍යායාම් කරමින් සිටි රොෂාන් ප්‍රේමලාල් නොහොත් පොලී රොෂාන් නමැති පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඊයේ පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයා බවයි අනාවරණ වී ඇත්තේ.

අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගොස් ඇති බවට මේ වනවිට තහවුරු වී තිබෙනවා.

ඒ බව නිශ්චිතව තහවුරු කර ගැනීම සදහා ඩි.එන්.ඒ. පරීක්ෂාවක් ද ඉදිරියේදී සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.