එජාපය විශේෂ සාකච්ඡාවක (වීඩියෝ)

Wednesday, 12 August 2020 - 13:00

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු තෝරා ගැනීම සදහා විශේෂ සාකච්ජාවක් සිරිකොත පක්ෂ මුලස්ථානයේදි මේ වනවිට පැවත්වෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ පරාජයත් සමග පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට සුදානම් බව රනිල් වික්‍රමසිංහ පක්ෂ නියෝජිතයින්ට පසුගියදා දැනුම් දී තිබුණා.

ඒ අනුව පසුගිය 10 වනදා පැවති පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ සාකච්ජාවේදි නායකත්වය සදහා යෝජනා කර තිබුනේ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, උපනායක රවී කරුණානායක, භාණ්ඩාගාරික දයාගමගේ, වජිර අබේවර්ධනයි.

ඊට අමතරව පක්ෂ නායකත්වය සදහා ජාතික සංවිධායක නවීන් දිසානයක, රුවන් විජේවර්ධන, අරජුන රණතුංග, පාලිත රංගේ බණ්ඩාර ගේ නම් ද යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තවදුරටත් එම ධූරයේ කටයුතු කරන අතර නායකත්වය සදහා යොජනා වු නම් සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා සිරිකොත පක්ෂ මුලස්ථානයේදි මේ වන විට සාකච්ජාව පැවත්වෙන බවයි වාර්තා වන්නේ.

ඒ , පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.