රිෂාඩ් CIDයට - රවී අල්ලස් කොමිසමට (වීඩියෝ)

Wednesday, 12 August 2020 - 13:12

%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+CID%E0%B6%BA%E0%B6%A7+-+%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඔහු මෙලෙස කැදවා ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ.

මීට පෙර ද වව්නියාව - ඉරට්ටපෙරියකුලම්හි පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයේදී රිෂාඞ් බදියුදීන් මෙවැනිම ප්‍රකාශයක් ලබා දුන්නා.

කෙසේ වෙතත්, අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් කළ විමසීමකදී රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා සදහන් කළේ අද දින තමන් කැදවීමට හේතුව නොදන්නා බවයි.

පෙරවරු 9.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි රිෂාඞ් බදියුදීන් තවදුරටත් එහිදී රැදී සිටිනවා.

මේ අතර, හිටපු අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා.

එහි ආරංචි මාර්ග සදහන් කළේ බැදුම්කර ගණුදෙනුවට අදාළ ප්‍රකාශ්‍යක් ලබාදීම සදහා ඔහු මෙලෙස කැදවූ බවයි.

රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් පසු පිටව ගියේ මාධ්‍ය වෙත අදහස් දැක්වීමකින් තොරවයි.