මාලක සිල්වාට ඇප

Wednesday, 12 August 2020 - 13:54

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
ව්‍යාපාරිකයෙකුගෙන් මුදල් ඉල්ලා මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇප මත මුදා හැර තිබෙනවා.

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී නියෝග කෙරුණේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.

තම පියාගේ මැතිවරණ ව්‍යාපාරයට යෙදවීමට අවශ්‍ය බව පවසමින් රුපියල් ලක්ෂයක මුදලක් මාලක සිල්වා ව්‍යාපාරිකයෙකුගෙන් ඉල්ලා තිබුණා.

එය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සැකකරු මෙලෙස මරණ තර්ජනය කළ බවටයි අදාළ ව්‍යාපාරිකයා තලංගම පොලීසියට පැමිණිලි කර තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ මාලක සිල්වා පොලීසිය අත්අඩංගුවට ගත් අතර, ඇප ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා අද සැකකරුට නියෝග කළේ සෑම මසකම දෙවන සහ අවසන් ඉරුදින පොලීසිය හමුවේ පෙනී සිටිය යුතු බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories