හිටපු ජනපති මෛත්‍රීපාලට ඇමැතිකම නොලැබුන හේතුව හෙළිවෙයි

Wednesday, 12 August 2020 - 14:49

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%B1+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තමන්ට දීමට යෝජනාවී ඇති ඇමති ධුරයත් නිදහස් පක්ෂයේ වෙන කෙනෙකුන් වෙත ලබාදෙන මෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නව ආණ්ඩුවේ ප්‍රධානින් වෙත ඊයේ සවසම පවසා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසනවා

පරිසර අමාත්‍ය ධූරය මෛත්‍රීපාල සිරිසේන වෙත ලබා දීමට යෝජනා වී තිබු බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවර පැවති අමාත්‍යවරු දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී සිටියා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නිමල් සිරිපාල ද සිල්වා වෙත කම්කරු කැබිනට් අමාත්‍ය ධුරයත් ,මහින්ද අමරවීර වෙත පරිසර කැබිනට් අමාත්‍ය ධුරයත් හිමි වුණා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරණ දුමින්ද දිසානායකට සූර්ය ශක්ති සුළං හා විදුලි ජනන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය ධුරයත් ,දයාසිරි ජයසේකරට බතික් අත්යන්ත්‍ර රෙදි හා ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය ධුරයත් ,ලසන්ත අලගියවැන්න ට සමුපාකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධූරයත් හිමි වුණා.