මහ දවල් බම්බලපිටියේ සිදුවූ දේ - CCTV දර්ශන එළියට (වීඩියෝ)

Wednesday, 12 August 2020 - 17:59

%E0%B6%B8%E0%B7%84+%E0%B6%AF%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A+-+CCTV+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


බම්බලපිටිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු විසින් ත්‍රිරෝද රථයක් සොරකම් කරන අයුරු දැක්වෙන CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

බම්බලපිටිය පොලිසිය අපවෙත ප්‍රකාශ කළේ සැකකරුවන් විසින් සොරකම් කරන ලද අදාළ ත්‍රිරෝද රථය බොරැල්ල ප්‍රදේශයේ දමාගොස් තිබියදී හමුව ඇති බවයි.

පොලිසිය පවසන්නේ අද දහවල් 01.20ට පමණ සැකකරුවන් විසින් මෙලෙස බම්බලපිටිය එළිබෑන්ක් පාරේදී මෙලෙස ත්‍රිරෝද රථය සොරාගෙන ඇති බවයි.

මේ අතර බම්බලපිටිය ඩික්මන් පාර ප්‍රදේශයේදී ඊයේ දිනයේ යතුරු පැදියක් සොරකම් කර ඇත්තේ ද මෙම සැකකරුන් විසින් බවටයි පොලිසිය සැකපළකරන්නේ.

කෙසේවෙතත් අදාළ යතුරුපැදිය මෙතෙක් හමුව නොමැති බවයි වාර්තාවන්නේ.

මොවුන් පිළිබඳව තොරතුරක් වෙතොත් 0718591580 දුරකථන අංකය වෙත දැනුම්දෙන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.