කෝටි දෙකක හෙරොයින් සමඟ පිළියන්දලදී යුවළක් අත්අඩංගුවට (වීඩියෝ)

Thursday, 13 August 2020 - 7:18

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී යුවළක් පිළියන්දල - මිහිඳුපුර ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 80 ක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

මේ අතර කෙසෙල්වත්ත, ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල ඊයේ සිදුකළ වැටලීම්වලදී මත්කුඩු සමඟ තවත් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.