ශ්‍රී ලාංකිකයින් 299 ක් දිවයිනට

Thursday, 13 August 2020 - 8:09

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+299+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ඊජිප්තුවේ සිට පැමිණි ඉන්දීය ජාතිකයෙකු නව ආසාදිතයෙකු ලෙස ඊයේ වාර්තාවීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 2,881 දක්වා ඉහළ ගියා.

ඒ අනුව ආසාදිතයන් 232 ක් තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 2,638 ක්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 299 දෙනෙකු අද අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපල වෙත පැමිණියා.

කටාරයේ දෝහා සිට ගුවන් මගීන් 15 දෙනෙකු දිවයිනට පැමිණි අතර ඉන් 10 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් වන අතර, අනෙක් පස්දෙනා ශ්‍රී ලංකාවේ පිහිටි ඉතාලි සහ ප්‍රංශ තානාපති කාර්යාල නිලධාරින් වනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සිට තවත් ශ්‍රී ලාංකිකයන් 283 දෙනෙකු මත්තල ගුවන් තොටුපල වෙත පැමිණියා.

එම පිරිස අතර කුඩා ළමයින් 6 දෙනෙකුද වනවා. මොවුන් සියලුදෙනා ගුවන් තොටුපල තුළදීම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා  යොමුකර තිබුණා.

එමෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් ලොව රටවල් රැසක් විදේශ ශ්‍රමිකයන් රැකියා සඳහා බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති නමුත් මලයාසියාව ගෘහ සහයකයින් සඳහා රැකියා වීසා ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර් 31න් පසු මලයාසියානු රජය එරට සේවය කිරීමට බලාපොරොත්තු වන විදේශීය ශ්‍රමිකයන්ට රැකියා වීසා නිකුත් කිරීමට කටයුතු කරනු ඇති.