උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි නිපදවන ප්‍රධාන බලාගාරය වසා දැමීමේ අවදානමක්

Thursday, 13 August 2020 - 13:53

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
උතුරු කොරියාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් න්‍යෂ්ටික අවි නිපදවීමට භාවිත කරන ප්‍රධාන බලාගාරයේ නල පද්ධතියට හානිවී ඇති බවට චන්ද්‍ර‍්‍රිකා ඡායාරූප මගින් අනාවරණ වී තිබෙනවා.

දකුණු කොරියාවට අයත් චන්ද්‍ර‍්‍රිකා මගින් මෙම ඡායාරූප ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උතුරු කොරියාවේ අගනුවර වන පියොංයැන්ග් සිට කිලෝමීටර 100 ක දුරින් පිහිටි මෙම න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරන ප්‍රධාන මධ්‍යස්ථානයේ සිසිලන පද්ධතියටද හානි සිදුවුවහොත් බලාගාරය වසා දැමීමේ අවදානමක් පවතිනවා.

කොරියානු අර්ධද්වීපයට මේ දිනවල දැඩි වර්ෂාපතනයක් ඇද හැලීම හේතුවෙන් නායයෑම් සහ ජල ගැලීම්වලින් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ.