උතුරු කොරියාවේ ජනගහනයෙන් සියයට 60කට ආහාර ගැන ගැටලූවක්

Thursday, 13 August 2020 - 16:59

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%9C%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+60%E0%B6%9A%E0%B6%A7+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරසයේ බලපෑමෙන් උතුරු කොරියාවේ ජනගහනයෙන් සියයට 60 කට ආසන්න පිරිසක් ආහාර පිලිබඳ අනාරක්ෂිතභාවයට පත්ව ඇති බව ඇමරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා.

අයහපත් කාලගුණය හා නියඟය හේතුවෙන් උතුරු කොරියාවෙන් නිරන්තරයෙන් ආහාර හිඟයන් ඇති වන අතර, මෙම වසරේ උතුරු කොරියානුවන් හත් ලක්ෂයක් පමණ ආහාර පිලිබඳ ගැටලූවලට මුහුණදී සිටින බවයි අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.

ලොවපුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට දෙකෝටි අටලක්ෂ 35,832 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් එක්කෝටි තිස්හත් ලක්ෂ 28,921 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

ලොවපුරා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව හත්ලක්ෂ 47,861ක් ලෙසයි දැක්වෙන්නේ.