ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීරය, ඓතිහාසික ගිවිසුමකට එළඹේ

Friday, 14 August 2020 - 8:02

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92+%E0%B6%91%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%2C+%E0%B6%93%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B7%85%E0%B6%B9%E0%B7%9A
ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සබඳතා සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීම සඳහා ඓතිහාසික ගිවිසුමකට එළඹ තිබෙනවා.

ඒ, පලස්තීන බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස සඳහා තවත් බිම් කොටස් ඈදා ගැනී අත්හිටුවීමට එකඟ වීමත් සමඟයි.

මෙම සාම එකඟතාව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් සිදුවූවක්.

ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ එය සාමය උදෙසා ඓතිහාසික ඉදිරි පියවරක් වනු ඇති බවයි.

මෙතෙක් ඊශ්‍රායලය සහ ගල්ෆ් අරාබි රටවල් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ක්‍රියාත්මක වූයේ නැහැ.

එහෙත් ඉරානය පිළිබද පොදු මතය හේතුවෙන් ඔවුන් අතර නිළ නොවන සබදතා පැවති බව නොරහසක්.

කෙසේ නමුත් පලස්තීන නායකයන් මෙම එකගතාව පිළිබද සිය නොසතුට පළ කර තිබෙනවා.

පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස්ගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එය පාවාදීමක් ලෙසයි.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පලස්තීන තානාපතිවරයා නැවත කැදවීමට ද පියවර ගෙන තිබෙනවා.

එහෙත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ අබුඩාබියේ මොහොමඞ් අල් නහ්යාන් කුමරු අතර අත්සන් තැබුණු ගිවිසුම ඓතිහාසික අවස්ථාවක් ලෙසයි ජනපති ට්‍රම්ප් හැදින්වූයේ.

1948 වසරේ ඊශ්‍රායලයේ නිදහස ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඇති වූ තුන් වන සාම එකඟතාව එයයි.  

1979 වසරේදී ඊශ්‍රායලය, ඊජිප්තුව සමඟ සාම ගිවිසුමකට එළඹුණු අතර, 1994 වසරේදී ජෝර්දානය සමඟ ගිවිසුමකට එළඹුණා.

ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඇති වූ නව සාම ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතික සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් සඳහන් කළේ එය පලස්තීනුවන් සමඟ ද්වි රාජ්‍යය විසදුමකට මෙන්ම මැදපෙරදිග සාමයට මඟ සලසනු ඇතැයි අපේක්ෂා කරන බවයි.