මත්කුඩු සහ මත්පැන් සම්බන්ධ වැටලීම්වලින් 414ක් අත්අඩංගුවට

Friday, 14 August 2020 - 9:30

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+414%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බස්නාහිර පළාත තුළ ගත වූ පැය 24 තුළ සිදුකළ විශේෂ වැටලීමකදී මත්කුඩු සහ මත්පැන් සම්බන්ධයෙන් පුද්ගලයන් 414 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කළේ අත්අඩංගුවට ගත් පිරිසෙන් 175 දෙනෙකු හෙරොයින් මත්කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතර, තවත් 99 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ ගංජා ජාවාරම සම්බන්ධයෙන් බවයි.