බ්‍රිතාන්‍යයෙන් පැමිණි චොක්ලට් කන්ටේනරයක් ගැන, රේගුවෙන් හදිසි පරීක්ෂාවක් (වීඩියෝ)

Friday, 14 August 2020 - 10:54

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%A0%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


එංගලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චොක්ලට් ඇතුලු වෙළඳ භාණ්ඩ ඇතුළත් බහාලුමක් රේගු දෙපාර්තමේන්තුව භාරයට ගෙන පරීක්ෂාවට ලක් කෙරුණා.

ඒ, ඔරුගොඩවත්ත රේගු අංගනයේදීයි.

එම දෙපාර්තමේන්තුවේ ආදායම් අධීක්ෂණ අංශයට ලද තොරතුරකට අනුව, විමර්ශනයට ලක්කෙරුණු මෙම බහාලුමේ තිබී චොක්ලට් විශාල තොගයක්, කුඩා දරුවන්ගේ සනීපාරක්ෂක ද්‍රව්‍ය, ජෑම් වර්ග සොයා ගෙන ඇති බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

එංගලන්තයේ රැඳී සිටින මෙරට ව්‍යාපාරිකයෙකු විසින් මහනුවර සහ පුත්තලම ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවන් ද සිටින පවුල් දෙකකට මේවා එවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

වසරකට වැඩි කාලයක් විදේශ ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් මෙරටට භාණ්ඩ එවීමේදී බදු සහන හිමිවන අතර, එම සහනය උපයෝගි කර ගනිමින් මෙම භාණ්ඩ එවා ඇති බවටයි සැක කරන්නේ.