කමලා හැරිස්, උප ජනාධිපති ධුරයට නුසුදුසු බවට ට්‍රම්ප්ගෙන් ඉඟියක්

Friday, 14 August 2020 - 12:49

%E0%B6%9A%E0%B6%B8%E0%B6%BD%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%2C+%E0%B6%8B%E0%B6%B4+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%9F%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් ඒ සඳහා නීත්‍යානුකූලව සුදුසුකම් නොලබන බවට ජනපති ට්‍රම්ප් ඉඟි කර තිබෙනවා.

වාර්තාකරුවන් අමතමින් ඊයේ ඔහු ප්‍රකාශ කළේ කමලා හැරිස්ගේ නීත්‍යානුකූල සුදුසුකම් සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂය සොයා බැලීමක් සිදුකළ යුතුව තිබූ බවයි.

එමගින් ඇය උප ජනාධිපති තරඟයට සුදුසුකම් නොලබන්නේ යැයි ජනතාව අතර මතයක් ඇති කිරීමට ජනපති ට්‍රම්ප් උත්සාහ කර තිබෙනවා.

කෙසේ නමුත්, ඇමරිකානු මාධ්‍ය සඳහන් කළේ 1964 වසරේ ඔක්තෝම්බර් 20 වන දා ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ උපත ලද ඇය ඒ සඳහා සුදුසුකම් ලබන බවයි.

ඉන්දියාවේ උපත ලද ශ්‍යාමාලා ගෝපාලන් නැමති ඇගේ මව ඇමරිකාවේ කැලිෆෝනියා සරසවියෙන් ආචාර්ය උපාධියක් ලබා ඇති අතර, පියා වන ඩොනල්ඩ් හැරිස් ජැමෙයිකාවෙන් පැමිණ එම සරසවියෙන්ම ආචාර්ය උපාධියක් ලැබූ අයෙක්.

ඇමරිකානු ව්‍යවස්ථාව අනුව ජනාධිපති සහ උප ජනාධිපති අපේක්ෂකයින් ඇමරිකාවේ උපත ලැබූ වයස 35 ඉක්ම වූ අය විය යුතුයි.

එම සුුදුසුකම් සපුරා ඇති කමලා හැරිස්ට එරෙහිව ජනපති ට්‍රම්ප් වර්ගවාදී ප්‍රහාරයක් එල්ල කරන බවට ඩිමොක්‍රටික් පක්ෂය චෝදනා කළා.