දැරියක්, මාස 02 ක ගැබිණියක් කිරිමේ චෝදනාවට 27 වියැති තරුණයෙක් අත්අඩංගුවට

Friday, 14 August 2020 - 13:06

%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+02+%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+27+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පහළොස්(15) වියැති දැරියක් මාස 02 ක ගැබිණියක් කිරිමේ චෝදනාවට සැකපිට 27 වියැති  තරුණයෙක්  මස්කෙළිය ‍පොලීසිය මගින් ඊයේ(13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරිය තමාට මාස 02 ක කාලයකින් ඔසප් ක්‍රියාවලිය සිදු නොවූ බව ඇගේ මිත්තණියට පවසා ඇති අතර, මිත්තණිය විසින්  වහා දැරිය මස්කෙළිය නගරයේ වෛද්‍යවරයෙකුට යොමු කිරිමෙන් අනතුරුව එම වෛද්‍යවරයා දැරිය මාස 02 ක ගැබිණියක් බව පවසා තිබෙනවා.

පසුව ඊයේ (13) මිත්තණිය විසින් මස්කෙළිය පොලීසියට ගොස් පැමිණිළි කර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
 
මස්කෙළිය පොලිස් වසමට අයත්, ෆෙයාලෝන් තේ වතුයායේ, පුංචි සූරියකන්ද කොටසේ පදිංචිව සිටින මෙම දැරිය ඇගේ මිත්තණිය (මවගේ මව) භාරයේ සි ටින අතර, දැරියගේ පියා ඇය කුඩා කාලයේම හැර ගොස් තිබෙනවා.

මව වෙනත් විවාහයක් කර ගෙන දුර පළාතක පදිංචියට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ෆෙයාලෝන් තේ වතුයායේ දමිළ පාසලේ 07 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරා මෙම දැරිය පාසල් ගමන අවසන් කර ඇත්තේ මිත්තණියට පවතින ආර්ථික අපහසුතාවයන් හමුවේයි.
 
කම්කරුවෙක් ලෙස සේවය කරන සැකකාර තරුණයා දැරිය පදිංචි නිවස අසලම පදිංචිව සිටින අතර  දැරියගේ මිත්තනිය නිවසේ නොසිටි  2020.06.24 හා 2020.07.03  යන දිනවල සැකකරු මෙම දැරියට දුරකතන ඇමතුම් දී ඇය පදිංචි නිවස ආසන්නයේ පිහිටි පාළු නිවසකට කැඳවාගෙන ගොස් සැකකාර තරුණයා සමග අඹු සැමියන් ලෙස හැසිරුණ බව ඇය පොලිසියට පවසා තිබෙනවා.

මස්කෙළිය පොලීසිය මගින් දැරිය දික්ඔය මූලික රෝහලට ඇතලත් කර ඇති අතර මේ වන විට ඇය එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

දැරියගේ හා ඇගේ මිත්තණියගේ ප්‍රකාශ අනුව මස්කෙළිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සකකරු, මෙම දැරිය නීත්‍යාණුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණයක් කිරීම යන චෝදනාව යටතේ අද(14) දින වෛද්‍ය වාර්තාවද සමග  හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන බව මස්කෙළිය පොලීසිය ප්‍රකාශ කළා.