පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය, 20 වන දා පෙරවරු 9.30ට - රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පස්වරුවේ

Friday, 14 August 2020 - 13:08

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%2C+20+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%94+9.30%E0%B6%A7+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A
මහ මැතිවරණයෙන් තෝරා පත් කර ගැනුණු මන්ත්‍රීවරුන් රැස්වන 9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය කැදවීමේ අති විශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලබන 20 වන දා උදෑසන 9.30ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව රැස්වන බවයි ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

එහිදී නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා මුලින්ම තෝරා පත් කර ගන්නා අතර, අනතුරුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඉදිරියේ ඔහු දිවුරුම් දීම සිදුකරනවා.

ඉන් අනතුරුවයි සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කථානායකවරයා ඉදිරියේ සාමුහික දිවුරුම්දීම සිදුකරනු ලබන්නේ.

පසුව නියෝජ්‍ය කථානායකවරයා හා කාරක සභා සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සිදුකරනු ඇති.

නව කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධනගේ නම යෝජනා වී ඇති අතර, නියෝජ්‍ය කථානායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටියගේ නම යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

ඉන් අනතුරුව නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත් කර ගැනීම සිදුවන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සඳහන් කළේ.

ඉන් පසු පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවන අතර, පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නව පාර්ලිමේන්තු සැසි වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.

පසුව ජනාධිපතිවරයා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇති.