පාස්කු ප්‍රහාරයට පෙර තමාව අත්අඩංගුවට ගැනීම, සහරාන් ගැන විමර්ශනවලට බාධාවක් වූ බව හිටපු ටී.අයි.ඩී. ප්‍රධානියා පාස්කු කොමිසමට කියයි (වීඩියෝ)

Friday, 14 August 2020 - 13:24

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%AD%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%2C+%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A7%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93.+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම නිසා පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන කෙරෙහි බලපෑමක් එල්ල වූ බව වැඩතහනමකට ලක්ව සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ප්‍රකාශ කළා.

ජනාධිපති කොමිසම හමුවේ ඊයේ තෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් ඔහු සදහන් කළේ තමන් අත්අඩංගුවට ගැනීම හරහා සහරාන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලට නිසි නායකත්වයක් හා මගපෙන්වීමක් නොමැති වූ බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පෙරවරුවේ දස වන දිනටත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සාක්ෂි ලබාදුන්නද, එය මාධ්‍යයට විවෘත වුයේ නැහැ.

පසුව ඊයේ පස්වරුවේ වැඩතහනමකට ලක්ව සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තෙවන දිනටත් සාක්ෂි ලබාදීම සදහා ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

එහිදි ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබදෙමින් ඔහු කියා සිටියේ සහරාන් හෂිම් ඇතුළු අන්තවාදින්ගේ ක්‍රියාකාරකම් පිළිබද 2017 වර්ෂයේ සිට තමා එවකට පොලිස්පතිව සිටි පූජිත් ජයසුන්දරට සති වාර්තා යැවු අතර පොලිස්පතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුවද විමර්ශන සිදුකර වාර්තා සැපයු බවයි.

මෙහිදී ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සමය තුළ සහරාන් හෂීම් සැගව සිටින ස්ථානයක් පිළිබද තොරතුරු දැනසිටියේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් නාලක ද සිල්වා සදහන් කළේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගැනිමෙන් පසු සැකකරු කැකුණුගොල්ල ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට තොරතුරක් ලද අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට තමන් නිලධාරීන් කණ්ඩායමක් යොමු කළ බවයි.

මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ 2017 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වාම සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුයේ මන්ද යන්නයි.

තමන් යටතේ සිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වරෙන්තුවට අනුව සහරාන් අත්අඩංගුවට ගැනීමට බොහෝ උත්සාහ කළද සහරාන් රැඳී සිටින ස්ථානයක් පිළිබද නිශ්චිත බුද්ධි තොරතුරක් නොලැබුණු බැවින් ඔහු සොයා ගැනීමට නොහැකි වු බව නාලක ද සිල්වා ඊට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වරෙන්තු ලැබී තිබුණද අත්අඩංගුවට ගැනීමට සොයා ගත නොහැකි අය වර්තමානයේද සිටින බවයි.

එහිදි කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ වර්තමානයේ වරෙන්තු ලැබ සිටින්නන් අත්අඩංගුවට ගැනීමට යම් හේතු පවතිනවා සේම, සහරාන් අත්අඩංගුවට නොගැනීම කෙරෙහිද යම් හේතුවක් පැවතියේද යන්නයි.

එවැනි විශේෂ හේතුවක් නොතිබූ අතර වරෙන්තු ලබාගත් අවස්ථාව වනවිට සහරාන් විදෙස් ගතව සිටි බවට යම් තොරතුරක් ලැබී තිබුණද, ඔහු විදේශ ගමන් බලපත්‍රය භාවිත කර විදෙස්ගතවීමක් සිදුවී නොතිබුණු බව පැහැදිලි කළ නාලක ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේ සහරාන් හෂිම් සම්බන්ධයෙන් බ්ලූ‍ නෝටිස් එකක් ලබාගැනීමටද තමන් නිලධාරින්ට උපදෙස් දී තිබු බවයි.

සාක්ෂිකාර නාලක ද සිල්වාට මේ වන විට රැකියාව අහිමි වී ඇත්ද යන්න මෙහිදි ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් නාලක ද සිල්වා කියා සිටියේ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ලැබූ චෝදනාවකට අදාළව මේ වන විට වසර දෙකකට ආසන්න කාලයක් තමන්ට රැකියාව අහිමි වී ඇති බවයි.

මෙහිදි කොමිසමේ සාමාජික විනිසුරුවරයා පෙරළා ප්‍රශ්න කර සිටියේ ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියා කළ ඔබව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේම අත්අඩංගුවට ගත්තේ මන්ද යන්නයි.

ත්‍රස්තවාදය වැලැක්වීම සම්බන්ධයෙන් විශාල සේවයක් කර ඇගයීමට ලක්ව සිටි තමන් මෙලෙස අත්අඩංගුවට ගත්තේ මන්දැයි විමර්ශන නිලධාරින්ගෙන්ම ඇසිය යුතු බව නාලක ද සිල්වා එහිදි සඳහන් කළා.

මෙහිදි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, සාක්ෂිකරු වෙත ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියේ සාක්ෂිකරු අත්අඩංගුවට පත්වීම මගින් සහරාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගෙනගිය විමර්ශන වලට බලපෑම් එල්ල වූයේද යන්නයි.

එයට පිළිතුරු දෙමින් නාලක ද සිල්වා කියා සිටියේ තමන් සහරාන් පසුපස හඹාගියේ යම් සැලැස්මකට අනුව නිසා තමන් අත්අඩංගුවට ගැනීමෙන් එම සැලසුම් අඩපණ වු බවයි.

එකී විමර්ශනයට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයයේ නිලධාරීන්ට නායකත්වය සැපයුවේ තමන් වන බැවින් තමන් අත්අඩංගුවට ගැනීම හරහා පහළ නිලධාරීන්ට නිසි මගපෙන්වීමක් නොමැතිව ඔවුන් අතරමංවනවා නොවේදැයි ඔහු විවෘත කොමිෂන් සභාව ඉදිරියේ ප්‍රශ්න කළා.

එසේම තමන් අත්අඩංගුවට ගැනීමට මුල්වූ සිද්ධිය සම්බන්ධයෙන් තමාගෙන් පමණක් ප්‍රශ්න කළ යුතු වුවද, එකී විමර්ශනය සම්බන්ධයෙන් තමා යටතේ සිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ නිලධාරීන්ගෙන්ද ප්‍රශ්න කිරීම හරහා එම නිලධාරීන් අනවශ්‍ය පීඩනයකට ලක්වු බවද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් නාලක ද සිල්වා වැඩිදුරටත් කියා සිටියා.