තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු වැඩ භාර ගනී (වීඩියෝ)

Friday, 14 August 2020 - 13:29

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29




නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් රැසක් අද දිනයේ සිය අමාත්‍යාංශවල වැඩ භාර ගත්තා.

ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන්, මහින්ද අමරවීර, මහින්දානන්ද අළුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ, සී.බී.රත්නායක අද දිනයේදී සිය අමාත්‍යාංශවල වැඩ භාර ගනු ලැබුවා.

මීට අමතරව නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, අජිත් නිවාඞ් කබ්රාල්, රියර් අද්මිරාල් සරත් වීරසේකර, නිමල් ලංසා, ජානක වක්කුඹුර, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, ඉන්දික අනුරුද්ධ, විජිත බේරුගොඩ, සදාසිවම් වියාලේන්ද්‍රන් සහ ජීවන් තොණ්ඩමන් අද සිය රාජ්‍ය අමාත්‍ය ධුරවල වැඩ භාරගෙන තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමේ උත්සවයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී විෂය භාර අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ කියා සිටියේ ඉදිරියේදී රට තුළ පොහොර හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවයි.

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍රකාශ කළේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු අහිතකර බලපෑම් ඉවත් කරන තුරු ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභා වෙත කිසිසේත් ලබානොදෙන බවයි.