බූස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් 7 දෙනෙකුට ස්ථාන මාරු

Friday, 14 August 2020 - 13:30

%E0%B6%B6%E0%B7%96%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94
ගාල්ල - බූස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් 07 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඒ, බන්ධනාගාරගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා සමඟ සබඳතා පැවැත්වූ බවට වන චෝදනාව මතයි.

අදාළ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකර නිවැරදි තොරතුරු තහවුරු කර ගන්නා තුරු මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ජාතික පුවත්පත් අද වාර්තා කර තිබුණේ එම බන්ධනාගාරයේ ජේලර්වරයෙකු මංගල උත්සවයක් සඳහා වෙලේ සුදාගෙන් විදේශීය මත්පැන් බෝතල් සියයක් පමණ ලබාගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, ඒ පිළිබදව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ.