ශ්‍රී ලන්කන් ගුවන් යානාවලට මසක් ගතවනතුරු චීනයේ සේවය නැතිවෙයි (වීඩියෝ)

Friday, 14 August 2020 - 13:59

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29




එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සිට කොළඹ හරහා ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් යානයකින් චීනයට පැමිණි මගීන් 24 දෙනෙකු කොවිඩ් 19 ආසාදිත
බවට තහවුරු වීමත් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන්යානාවල සේවාව ලබාදීම මාසයක කාලයකට අත්හිටුවීමට චීන ගුවන් සේවා බලධාරීන් මෙලෙස පියවර ගෙන තිබෙනවා.

මේ අතර කොවිඩ් 19 වෛරසය තවමත් ශීඝ්‍රයෙන් ලොව පුරා ව්‍යාප්තව යන අතර වෛරසයෙන් කිසිදු බලපෑමක් තවමත් එල්ල වී නැත්තේ ලොව
රටවල් 12කට පමණයි.

යම් ගුවන් යානයක කොවිඩ් ආසාදිතයින් 5 දෙනෙකු හමුවුවහොත් එම ගුවන් සේවය සඳහා සතියක ගුවන් ගමන් තහනමක් පැනවෙන අතර ආසාදිතයින් 10
දෙනෙකු හෝ වැඩි සංඛ්‍යාවක් හඳුනාගත හොත් මාසයක කාලයක් ගුවන් ගමන් අත්හිටුවීමටයි චීන සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන ඇත්තේ.