ඉලුක් පඳුරුවලින් වැසී ගිය නාතගනේ පාසල් දරුවන්ගේ අනාගත ක්‍රීඩා සිහිනය (වීඩියෝ)

Friday, 14 August 2020 - 14:10

%E0%B6%89%E0%B6%BD%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%93+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B6%9C%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ගම්මානයේ දරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය වැඩි දියුණු කරනු වස්, ප්‍රදේශයේම පුද්ගලයෙකු විසින් වසර කිහිපයකට පෙර භූමිය ලබා දී වාරියපොළ නාතගනේ පාසල අසල පිහිටි ක්‍රීඩා පිටිය සංවර්ධනය කෙරුනා.

මෙම ක්‍රීඩා පිටිය පසුගිය කාලයේ ජනප්‍රිය ක්‍රිඩාපිටියක් ලෙසට ප්‍රදේශයේ බොහෝ දෙනා අතර ප්‍රචලිතව පැවතියද අද වන විට ඊට අත්ව ඇත්තේ අවාසනාවන්ත ඉරණමක්.

නවීන ආකාරයෙන් මෙහි ක්‍රීඩාගාරයක් ඉදි වන්නේ මීට වසර 5කට පෙරාතුවයි.

ඒ ලක්ෂ 20 පමණ මුදලක් වැය කරමින්.

නමුත් අද දක්වාම එය ක්‍රීඩකයන්ගේ සුඛ විහරණය වෙනුවෙන් වෙත විවෘත නොකලද, ප්‍රදේශය අරක් ගෙන සිටින සතුන්ගේ නම් රජ දහනක් බවට පත්ව
අවසන්.

නාතගනේ පාසල් දරුවන්ට ක්‍රීඩා කිරීමට ඇති එකම භුමිය මෙලෙස වල් බිහිවී තිබෙන පසුබිමක, අද ඔවුන්ට ක්‍රීඩාව හීනයක් බවට පත්ව අවසන්.

අනාගතයේ දිනක ජාත්‍යන්තර පදක්කමකින් ලක් මාතාවගේ ගෙල සැරසීමට හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහි කල හැකි අක්කර එක හමාරකින් පමණ යුත් මේ ක්‍රීඩාභූමිය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානයට යොමුවන්නේ කවදාද..?