බ්‍රසීලයෙන් චීනයට ගෙන ආ කුකුළු මස්වලින් කොරෝනා වෛරසය හමුවේ

Friday, 14 August 2020 - 14:21

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86+%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
බ්‍රසීලයෙන් ආනයනය කළ කුකුළු මස් ඇසුරුම්වලින් කොරෝනා වෛරසය සොයා ගැනීමත් සමඟ ආනයනය කළ අධි ශීත මස් වර්ග සහ මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීමේ දී අවධානයෙන් කටයුතු කරන්නැයි චීන රජය එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කළා.

චීනයේ ෂෙන්සෙන් නුවර දී මෙලෙස කොරෝනා වෛරස් සහිත කුකුළු මස් සොයාගෙන ඇති අතර, පසුව අනාවරණ වූයේ බ්‍රසීලයේ සැන්ටා - කැටරීනා ප්‍රදේශයෙන් ආසනය කර ඇති බවයි.

කොරෝනා වෛරසය චීනයෙන් ආරම්භ වුවත් මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය හැරුණු කොට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙන්.

කෙසේ නමුත් චීනයට ගෙන ආ මෙම කොරෝනා වෛරස් සහිත කුකුළු මස් පරිහරණය කළ පුද්ගලයන්ට රෝගය ආසාදනය වූ බවක් වාර්තා වී නැහැ.