සිරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සහෝදරියක් අත්අඩංගුවට

Friday, 14 August 2020 - 14:45

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පසුගිය වසර 3 ක කාලය තුළ බැංකු දෙකක තිබූ ගිණුම් 5ක් තුළ රුපියල් කෝටි 31කට අධික මුදලක් සංසරණය වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති, අදාල සැකකාර කාන්තාව බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සහෝදරියක් බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇයගේ බැංකු ගිණුම්වල තිබී රුපියල් ලක්ෂ 30 කට ආසන්න මුදලක් ද සොයාගෙන ඇති බව සඳහන්.

අදාළ මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවටයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.