වියට්නාමය රුසියානු කොරෝනා එන්නත මිලදී ගැනිමට යයි

Friday, 14 August 2020 - 16:31

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රුසියාව නිෂ්පාදනය කළ කොවිඞ් 19 එන්නත තම රට තුළ ලබාදීම සඳහා මිලදී ගැනීමට වියට්නාමය ද ලියාපදිංචි වී තිබෙනවා.

රුසියාව පසුගිය බදාදා ප්‍රකාශ කළේ තමන් ලොව ප්‍රථම කොවිඩ් 19 එන්නත නිෂ්පාදනය කළ අතර එය සති දෙකක් තුළ වෙළඳපොලට නිකුත් කිරීමට සූදානම් බවයි.

එන්නතෙහි සුරක්ෂිතභාවය පිලිබඳ සැක පළ කළ යුතු නොමැති බවයි රුසියානු බලධාරින් ප්‍රකාශ කළේ.

රුසියානු එන්නත මිලදී ගනු ලැබුව ද තම රට තුළ ද කොවිඩ් 19 එන්නතක් නිෂ්පාදනය කිරීම සඳහා අඛන්ඩව කටයුතු කරන බව ද වියට්නාමය කියා සිටියා.

රුසියානු කොවිඩ් 19 එන්නතේ මාත්‍රා මිලියන 50 සිට 150 දක්වා ප්‍රමාණයක් ලබා ගැනීමට වියට්නාමය එකඟ වී ඇති අතර ඉන් කොටසක් පරිත්‍යාගයක් ලෙස එරටට හිමිවනු ඇති. කොවිඞ් 19 වසංගතය මනාව පාලනය කළ රටක් වන වියට්නාමයේ මේ වනවිට පැන නැගී ඇත්තේ එහි දෙවන රැල්ලයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories