හිටපු ජනාධිපතිනියගෙන් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

Friday, 14 August 2020 - 20:09

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29






මෙරට ප්‍රධානම පක්ෂ දෙකම විනාශ වී ඇති මොහොතක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක ඡන්ද බලයක් හිමිවීම පිළිබඳ තමන් පුදුමයට පත් නොවන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

ඇය මේබව සඳහන් කළේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
 
වර්තමානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුවී ඇති දෙය ගැන කණගාටුවට පත්වන බව ද ඇය සඳහන් කළා.

නිදහස් පක්ෂයට මෙවැනි ඉරණමක් අත්වී ඇත්තේ පෞද්ගලික බල තන්හාවන් නිසා බවයි හිටපු ජනාධිපතිනිය පෙන්වා දුන්නේ.

කෙසේවෙතත් නිදහස් පක්ෂය ඉදිරියට ගෙන යාමට පාක්ෂිකයන්ට දැඩි අවශ්‍යතාවක් පවතින බව ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කියාසිටියා.

එම සියලුදෙනා ඒකරාශී කර ගනිමින් නව නායකත්වයක් යටතේ පක්ෂය ඉදිරියට ගෙන යායුතු බවට යෝජනා කරන අතර ඊට සහයෝගය ලබාදීමට සූදානම් බවයි ඇය ප්‍රකාශ  කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories