රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ අද ලබාදුන් සාක්ෂිය (වීඩියෝ)

Friday, 14 August 2020 - 20:18

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මෙරට තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් වන බවට විදෙස් බුද්ධි සේවයක් ඔස්සේ තමන්ට තොරතුරු ලැබෙන විටත්, සහරාන්ට එවැනි ප්‍රහාරයක් සිදුකිරීමේ භෞතික හා මානසික හැකියාවක් තිබූ බවට තමන් දැන සිටි බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද පිළිගනු ලැබුවා.

ඒ, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද 11වන දිනටත් සාක්ෂි ලබාදෙමින්.

පාස්කු ඉරිදා මෙරට තුළ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සිදුවන බවට විදෙස් බුද්ධි අංශයකින් මුල්වරට බුද්ධි තොරතුර ලද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගෙන් සාක්ෂි ලබාගැනීම සඳහා අද කොමිසම හමුවට කැඳවා තිබුණේ එකොළොස් වන දිනටයි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටින රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළේ, විදෙස් බුද්ධි අංශයකින් ලද තොරතුරෙහි ඇතුළත් වූ නම් දරණ පුද්ගලයින් පිළිබඳ ඒ වනවිටත් රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු පැවතියේද යන්නයි.