දිවයින පුරා වැසි රහිත කාලගුණයක්

Saturday, 15 August 2020 - 6:19

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අද (15) දිනය තුල දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කෙසේ වෙතත් උදෑසන කාලයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-50 දක්වා තද සුළං ඇති විය හැකියි.