කොරෝනා වැළඳුනු දකුණු ඉන්දීය ගායක එස්.පී. බාලසුබ්‍රමනියම්ට අසාධ්‍යයි

Saturday, 15 August 2020 - 7:18

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2886 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ (14) දිනයේදී කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වීමත් සමඟයි.

ජපානයේ පැමිණි පුද්ගලයෙකුට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 3 දෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනා ගැණුනා.

මේ අතර, සුවය ලැබූ තවත් ආසාදිතයින් 12 දෙනෙකු ඊයේ (14) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2658 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

පුද්ගලයින් 217 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර, ඕමානයේ සහ චීනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 306 දෙනෙකු ඊයේ සවස ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණියා. පස්වරු 6.30 ට චීනයේ - ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් එම්.යූ. 231 දරණ ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු මෙරටට පැමිණ තිබුණා.

එමෙන්ම, රාත්‍රී 6.55 ට ඕමාසයේ මස්කට් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් - 206 දරණ විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකිකයින් 296 දෙනෙකු මෙරටට පැමිණි අතර ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

මේ අතර, කොවිඩ් 19 ආසාදනය වීම නිසා රෝහල්ගත කෙරුණු සුප්‍රකට දකුණු ඉන්දීය ගායකයෙකු වන එස්.පී. බාලසුබ්‍රමනියම්ගේ තත්ත්වය අසාධ්‍ය බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

ප්‍රවීන ගායකයා ඇතුළත් කෙරුණු චෙන්නායි නුවර එම්.ජී.එම්. රෝහල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඔහු දැඩි සත්කාර ඒකකයේ ජීවිතාරක්ෂක උපකරණ හා සම්බන්ධ කර ඇති බවයි.

කොරෝනා වෛරස් සුළු රෝග ලක්ෂණ සහිතව රෝහල්ගත කෙරුණු එස්.පී. බාලසුබ්‍රමනියම්ට ඔක්සිජන් ප්‍රතිකාර ද ලබාදෙන බව සඳහන්.

පසුගිය දින 10 තුළම ලොව පුරා දිනක වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වූයේ ඉන්දියාවෙන්.

මේ වන විට එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව  24 ලක්ෂ 61,000 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 48,000කට අධිකයි.

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට දෙකෝටි දහතුන් ලක්ෂ 35,000 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව හත්ලක්ෂ 62,429ක්.