මුදල් විශුද්ධිකරණ සිද්ධීන් 38ක් පිළිබඳව CID විමර්ශන

Saturday, 15 August 2020 - 7:24

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+38%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+CID+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1
මුදල් විශුද්ධිකරණයට අදාළ පැමිණිලි භාර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටුවා ඇති විශේෂ ඒකකය මේ වනවිට සිද්ධීන් 38ක් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දිගින් දිගටම පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ අදාල ජාවාරම් සඳහා වැඩි වශයෙන් කාන්තාවන් යොමුවී ඇති බව මේ වනවිට අනාවරණ වී ඇති බවයි ඔහු එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේ.