තැඹිලි, අන්නාසි සමඟ ඩුබායි යන්න ගිය, එක්කෝටි විසි පන්ලක්ෂයක වල්ලාපට්ටා සහ සඳුන් රේගු භාරයට

Saturday, 15 August 2020 - 7:28

%E0%B6%AD%E0%B7%90%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%2C+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%A9%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
මඤ්ඤොක්කා, ගස්ලබු, තැඹිලි සහ අන්නාසි අතර සඟවා වල්ලාපට්ටා සහ සඳුන් ඩුබායි වෙත නීතිවිරෝධී ලෙස අපනයනය කිරීමට දැරූ උත්සාහයක් ශ්‍රී ලංකා රේගුව ව්‍යර්ථ කර තිබෙනවා.

කිලෝග්‍රෑම් 120ක් වූ වල්ලාපට්ටා සහ සඳුන් කිලෝග්‍රෑම් 120ක් මෙම ද්‍රව්‍ය පැටවූ බහාලුමේ සගවා තිබූ අතර එහි වටිනාකම රුපියල් එක්කෝටි 25 ලක්ෂයකට අධික බවයි රේගුව ප්‍රකාශ කළේ.

එහි පැළෑටි නිරෝධායනයන අංශයේ නිලධාරීන්ගේ සහය ඇතිවයි ඔරුගොඩවත්ත අපනයන බහාලුම් මධ්‍යස්ථානයේ තිබී අදාළ බහලුම පරීක්ෂාවට ලක් කර ඇත්තේ.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි අපනයනකරුවෙකු විසින් අදාළ බහාලුම ඩුබායි වෙත යැවීමට උත්සාහ කර ඇති බව සදහන්.

මෙම අනාවරණයත් සමඟ අපනයනකරු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු රේගු භාරයට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් සඳහන් කළේ.