ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අටක් ගැසට් කෙරේ

Saturday, 15 August 2020 - 7:31

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 07 දෙනාගේ නම් මේ වනවිට අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිතියාස් බාකිර් මාකර්, ඉරාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අයගේ නම් ඊට ඇතුළත්.

එමෙන්ම, ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමිවූ ආචාර්ය හරිනි අමරසූරියගේ නම ද මේ වනවිට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයට සහ අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙහි නම් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා කවුරුන් පත් කරන්නේ ද යන්න පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම් දීමට තිබූ කාලය ඊයේ (14) දිනයෙන් අවසන් වුණා.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මෙතෙක් අදාළ මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැනුවත් නොකළ පක්ෂ සඳහා ඉදිරියේ ඕනෑම දිනකදී යළි කොමිසම දැනුවත් කිරීමට හැකියාව පවතින බවයි.

එක්සත් ජාතික පක්ෂය ද තවම සිය මන්ත්‍රී ධුරය ප්‍රකාශයට පත් කර නොමැති අතර, අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් එම පක්ෂය තුළ අභ්‍යන්තර ගැටුමක් ද හට ගෙන තිබෙනවා.