ඉන්දියාව අද 74 වන නිදහස සමරයි

Saturday, 15 August 2020 - 7:33

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+74+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉන්දියාව අද (15) 74 වන නිදහස් දිනය සමරන අතර, නවදිල්ලියේ ඓතිහාසික රතු බලකොටුවේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය ඇමතීමට නියමිතයි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ යුද, ගුවන්, නාවික සහ දිල්ලි පොලීසිය නියෝජනය කරන ආරක්ෂක අංශ සාමාජිකයන් 24 දෙනෙකු බැගින් සහභාගි වන උත්තමාචාරයක් ද අගමැති මෝදි වෙත පිරිනමන බවයි.

අද (15) උදෑසන 7.18ට රතු බලකොටුවේ ලාහෝර් දොරටුවෙන් පැමිණෙන අගමැති මෝදි ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංහ සහ ආරක්ෂක ලේකම් අජේ කුමාර් විසින් පිළිගනු ලබනවා.

ඔහුට ඉන්දීය ජාතික ධජය එසවීමට සහය වන්නේ ඉන්දීය හමුදාවේ කාන්තා නිලධාරිනියක වන මේජර් ශ්වේතා පාණ්ඬේ.

අග්‍රාමාත්‍ය මෝදි මෙලෙස ඉන්දීය ජාතික දිනයේදී ජාතිය අමතනු ලබන්නේ අඛණ්ඩ 07 වන වතාවටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories