ග්‍රෑන්ඩ්පාස් - මුවදොර උයන නිවාස සංකීර්ණයේ කළ සෝදිසියකදී 61 දෙනෙකු අත්අඩංගුවට (වීඩියෝ)

Saturday, 15 August 2020 - 7:50

%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB+%E0%B6%8B%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+61+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පොලිස් නිලධාරීන් 518ක් යොදා ගනිමින් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මෝදර උයන නිවාස සංකීර්ණයේ හදිසි සෝදිසි කිරීමක් ඊයේ (15) සිදු කළා.

පොලිසිය පවසන්නේ එම සෝදිසියේදී නිවාස 870 ක් පරීක්ෂා කළ බවයි.

එහිදී සැකකරුවන් 61 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

හෙරොයින් ග්‍රෑම් 39 ක්, ගංජා ග්‍රෑම් 85ක් සහ මත්පෙති 07ක් සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.