බන්ධනාගාර රැදවියන් බැලීමට අද සිට යළි අවස්ථාව

Saturday, 15 August 2020 - 8:58

%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80
සීමාවන්ට යටත්ව බන්ධනාගාරගතව සිටින රැදවියන් බැලීමට අද (15) සිට අවස්ථාව ලබාදී තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සතියකට එක් වතාවක් පමණක් මෙලෙස රැදවියන් බැලීමට අවස්ථාව ලබාදෙන බවයි.

කෙසේ වෙතත්, රැදවියන් බැලීමට පැමිණීමේදී සනීපාරක්ෂක ද්‍රව්‍ය පමණක් රැගෙන ඒමටයි අවසර ලබාදී ඇත්තේ.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සියළු බන්ධනාගාරවල රැදවියන් බැලීමේ අවස්ථාව නතර කර තිබුණා.