ඉරාන අවි සම්බාධක දීර්ඝ කිරීම ජගත් ආරක්ෂක මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි

Saturday, 15 August 2020 - 9:35

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉරානයට එරෙහිව පනවා ඇති අවි ආයුධ තහනම දීර්ඝ කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය ගෙන ආ යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මගින් ඊයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනා අතරින් ඊට සහය පළ කළේ සාමාජිකයන් දෙදෙනෙකු පමණයි.

ඉරානය සහ ලෝක බලවතුන් අතර ඇති කර ගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් කර ගැනීමට ජනපති ට්‍රම්ප් 2018 වසරේදී කටයුතු කළ අතර ඒ පිළිබඳ යුරෝපයේ ඇමරිකාවට හිතවත් රටවල් පවා විරුද්ධත්වය පළ කළා.

ජගත් සංවිධානයේදී ඇමරිකානු යෝජනාව දරුණු පසුබෑමකට ලක්වීමට එය ද හේතු වී ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.