නව මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලියාපදිංචිය අදින් අවසන්

Saturday, 15 August 2020 - 10:12

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
අලුතින් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික තොරතුරු හා දත්ත ඔන්ලයින් හෙවත් මාර්ග ගත ක්‍රමය ඔස්සේ ලබාදීමට තිබූ කාලය අද දිනයෙන් අවසන් වන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පවසනවා.

අදාළ තොරතුරු ලබාදීම සඳහා මන්ත්‍රීවරුන් දැඩි උද්යෝගයක් දක්වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඊයේ දිනය වන විට මන්ත්‍රීවරුන් 175කට වැඩි පිරිසක් තම පෞද්ගලික තොරතුරු ලබාදී මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි වී ඇති බව සඳහන්.

නව පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය ලබන 20 වනදා උදෑසන 9.30 ට ආරම්භවීමට නියමිතයි