ජපානය දෙවන ලෝක යුද්ධයේ නිමාව අනුස්මරණය කරයි

Saturday, 15 August 2020 - 10:14

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
දෙවන ලෝක යුද්ධය අවසන් වීමේ 75 වන වසර ජපානය අද අනුස්මරණය කරනවා.

1945 වසරේ අගෝස්තු 15 වන දා ජපානයේ හිරෝහිතෝ අධිරාජ්‍යයා ගැටුම් අවසන් කිරීම නිවේදනය කළ අතර, යටත්වීමේ ගිවිසුමට අත්සන් තැබුණේ එම වසරේ සැප්තැම්බර් 2  වන දායි.

1945 වසරේ මැයි 8 වන දා ජර්මනිය යටත්වීමෙන් යුරෝපය දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රාහී දිනය සමරනු ලබනවා.

එලෙසින් ජපානය පරාජය කිරීමේ දිනය ලෙස සැලකෙන්නේ අගෝස්තු 15 වන දායි.

දෙවන ලෝක යුද්ධයේ දී ජපානය සමඟ ඇති වූ ගැටුම්වලින් බ්‍රිතාන්‍යය සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල 71,000ක් ජීවිතක්ෂයට පත්වූ අතර 12,000ක් යුද සිරකරුවන් බවට පත්වුණා.

යුද්ධයේදී මිය ගිය ජපාන හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් සංඛ්‍යාව විසි පන් ලක්ෂයකට අධිකයි.

යුද්ධය නිමාවීමේ 75 වන වසර අනුස්මරණය කරමින් ජපාන අගමැති ෂින්සෝ අබේ මතභේදයට තුඩු දුන් යුද ස්මාරකය වෙත මල් කළඹක් පිරිනැමුව ද ඔහු එම ස්ථානයට නොයන බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories