ඉන්දියාවෙන් කොරෝනා එන්නත් 3ක්

Saturday, 15 August 2020 - 11:38

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+3%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාව සංවර්ධනය කළ කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් 3ක් මේ වන විට විවිධ මට්ටම්වල පරීක්ෂාවන්ට ලක්වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය නිදහස් දින කතාවේදී අනාවරණ කළා.

නවදිල්ලියේ ඓතිහාසික රතු බලකොටුවේ දී අද ජාතිය අමතමින් ඔහු ප්‍රකාශ කළේ එම එන්නත් නිෂ්පාදනය කොට සෑම ඉන්දියානුවෙකු වෙතම බෙදා හැරීමට මේ වන විට සැලසුම් සකස් කර ඇති බවයි.

එමෙන්ම, අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඞ් නයින්ටීන් නව ආසාදිතයන් 65,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව 25 ලක්ෂය ඉක්මවනවා.

එමෙන්ම, ඊයේ දිනය තුළ වාර්තා වූ කොරෝනා මරණ 996ක් සමඟ ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 49,000 ඉක්මවා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories