මෙක්සිකෝවේ ආගමන විගමන නිලධාරින් දහසක් ඉවතට

Saturday, 15 August 2020 - 15:30

%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
දූෂණ සහ අක්‍රමිකතා චෝදනා එල්ල වූ ආගමන විගමන නිලධාරින් දහසකට වැඩි සංඛ්‍යාවක් මෙක්සිකෝ රජයේ දැනුම්දීම පරිදි සේවයෙන් ඉවත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වීඩියෝ නිරීක්ෂණ පද්ධතිවලින් අනාවරණ කර ගෙන ඇති පරිදි ඇතැම් නිලධාරින් සංක්‍රමණිකයන්ගෙන් කප්පම් ලබාගෙන ඇති අතර, ඇතමුන් රාජකාරි වේලාවේ නින්දේ පසුවී තිබෙනවා.

මෙක්සිකෝ රජයේ ජාතික සංක්‍රමණික ආයතනයේ ප්‍රධානී ෆ්‍රැන්සිස්කෝ ගාඩුනෝ සඳහන් කළේ ඒ අනුව, සංක්‍රමණික සේවාවේ 1040 දෙනෙකු මෙලෙස ඉල්ලා අස්වී හෝ පරීක්ෂණවලට ලක් කර ඇති බවයි.

බහුතරයක් ඉල්ලා අස්වී ඇත්තේ ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා වීඩියෝ පට මගින් සනාථ වීම නිසයි.

මධ්‍යම ඇමරිකාවේ සංක්‍රමණිකයන් දහස් ගණනක් සෑම වසරකදීම ඇමරිකාවට ඇතුළු වන්නේ මෙක්සිකෝ දේශ සීමාවෙන්.