ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2888 දක්වා ඉහළට

Saturday, 15 August 2020 - 16:48

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+2888+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2888ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේ තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

එම ආසාදිතයන් දෙදෙනාගේ එක් අයෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයෙක්.

අනෙක් ආසාදිතයා තුර්කියේ සිට පැමිණි විදේශිකයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 211 දෙනෙකු මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 2666 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 11ක්.