ලතින් ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 6 ඉක්මවයි

Saturday, 15 August 2020 - 16:53

%E0%B6%BD%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+6+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ලතින් ඇමරිකානු කලාපයේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 6 ඉක්මවා ගොස් තිබෙනවා.

එම කලාපයේ වැඩිම බලපෑමට ලක් වූ රට වන්නේ ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවෙන් ඇමරිකාවට පමණක් දෙවන වන බ්‍රසීලයයි.

ඊට අමතරව, වෛරසයෙන් වැඩිම බලපෑමට ලක් වූ එම කලාපයේ අනෙකුත් රටවල් වන්නේ පේරු සහ චිලී රාජ්‍යයන්.

ලතින් ඇමරිකානු කලාපයේ කොරෝනා වෛරස ආසාදිතයින් මිලියන 5 සිට 6 දක්වා ඉහළ යාමට ගතව ඇත්තේ දින 11ක් පමණක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.

මෙම කලාපයෙන් දිනකට කොරෝනා වෛරස ආසාදිතයින් 86,000ක් පමණ මේ වනවිට වාර්තා වන අතර, ගත වූ සතියක කාලය තුළ මරණ 2600 ක් ද වාර්තා වුණා.