ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2889ක් දක්වා ඉහළට

Saturday, 15 August 2020 - 18:09

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+2889%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2889ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේ තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගයි.

මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 212 දෙනෙකු මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 2666 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 11ක්.

මේ අතර, කොවිඩ් නයින්ටීන් දෙවන රැල්ලට මුහුණ දෙන නවසීලන්තයේ  ඕක්ලන්ඩ් නුවර නිරෝධායන සීමාවන් තවත් සති දෙකකට දීර්ඝ කර තිබෙනවා.

ආරම්භයේ සිටම ගනු ලැබූ පියවර හේතුවෙන් වෛරසයේ ව්‍යාප්තිය බොහෝදුරට පාලනය කළ නවසීලන්තයේ සමාජ ආශ්‍රිත ආසාදිතයෙකු දින 102කට පසු සොයා ගැනුණේ පසුගිය අඟහරුවාදායි.

එහෙත් නව  ආසාදිතයන් 7 දෙනෙකු  ඕක්ලන්ඞ් නුවරින් ඊයේ දිනයේත් වාර්තා වීමත් සමඟයි එහි නිරෝධායන සීමාවන් දීර්ඝ කිරීමට තීරණය කර ඇත්තේ.

නවසීලන්තයේ මුළු කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1257ක් වන අතර දැනට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 57ක්.

නවසීලන්තයෙන් කොරෝනා මරණ 22ක් වාර්තා වුණා.

එසේම, ලතින් ඇමරිකානු කලාපයේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 6 ඉක්මවා ගොස් තිබෙනවා.

එම කලාපයේ වැඩිම බලපෑමට ලක් වූ රට වන්නේ ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවෙන් ඇමරිකාවට පමණක් දෙවන වන බ්‍රසීලයයි.

මේ වනවිට ලොවපුරා කොරෝනා ආසාදිතයන් දෙකෝටි දහතුන් ලක්ෂ 84,679ක් වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව හත්ලක්ෂ 64,056ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories