එජාප නායකත්ව වෙනස පළාත් සභා ඡන්දය අවසන් වනතෙක් කල් යයි (වීඩියෝ)

Saturday, 15 August 2020 - 19:35

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පක්ෂයේ ප්‍රධාන කාර්යභාරය පැවරෙන පුද්ගලයා පළාත් සභා මැතිවරණයෙන් පසුව තෝරා ගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙවර මහමැතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් ඇතුළු පිරිසකට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වූ භෝජන සංග්‍රහයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මහමැතිවරණයට තරග කළ සියලූ අපේක්ෂකයන් අද කොළඹට කැඳවා තිබුණේ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

පෙරවරු 10ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම හමුව පැය 2 කට ආසන්න කාලයක් පැවති බව සඳහන්.

පක්ෂ නායකත්වය තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමුකර තිබුණා.

එම සාකච්ඡාවෙන් අනතුරුව, මහමැතිවරණය සඳහා තරග කළ නවක අපේක්ෂකයන් කිහිපදෙනෙකු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුනොවනු ඇති බවට ඉගි පළ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories