නෙළුව - ලංකාගම මාර්ගයේ ප්‍රතිසංස්කරණය දින 90කදී - වන රක්ෂිතයට කිසිදු හානියක් නොකළ යුතු බව ජනපති අවධාරණය කරයි (වීඩියෝ සහ ඡායාරූප)

Saturday, 29 August 2020 - 15:44

%E0%B6%B1%E0%B7%99%E0%B7%85%E0%B7%94%E0%B7%80+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+90%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+-+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B7%83%E0%B7%84+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29


නෙලූව - ලංකාගම - පිටදෙණිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු තෙමසක් තුළ නිම කිරීමටත්, එහිදී වන රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට කිසිදු හානියක් සිදු නොවිය යුතු බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළා.

ඒ, එම මාර්ග ප්‍රතිසංස්කරණයේදී සිංහරාජ වන සංරක්ෂිතයට හානි වනබව විද්‍යුත් මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මගින් පළ වූ ප්‍රචාරවල සත්‍ය අසත්‍යතාව සියැසින් දැක විද්වතුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් විමසීමට නෙලූව - ලංකාගම ප්‍රදේශයේ ජනාධිපතිවරයා අද (29) සිදුකළ සංචාරයේදීයි.

පරිසරවේදීන් එල්ල කළ චෝදනා සමග ප්‍රතිසංස්කරණ කටයුතු අත්හිටුවන ලෙස මීට පෙර ජනාධිපතිවරයා නියෝග කර තිබුණා.

ප්‍රතිසංස්කරණය කෙරෙන මාර්ගය නිරීක්ෂණය සඳහා  මාර්ග සංවර්ධන, වනජීවි සහ වනරක්ෂන, පරිසර සහ අදාළ සියලු අමාත්‍යාංශ නිලධාරීන් එක්ව තිබෙනවා.

නෙළුව -  ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේ දී  සිංහරාජ වන රක්ෂිතයට හානිවන බවට පසුගිය දින කිහිපය තුළ වාර්තා වුනා.

සිංහරාජ වන රක්ෂිතය හා මාර්ගය ප්‍රතිසංස්කරණයට ලක්වන ග්‍රාමීය ප්‍රදේශවල පරිසර පද්ධතිය රැක ගනිමින් දිගු කලක සිට ඇති ජනතාවගේ දැඩි අවශ්‍යතාවක් වන මාර්ගයේ ඉදිකිරීම් කළයුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතා ඉටුකිරීම සිය අභිලාෂය බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළා.

ලංකාගම ගම්මානය වළගම්බා රජ දවස දක්වා දිව යන ඉතිහාසයකට උරුමකම් කියන අතර තේ වගාව ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපායයි.

සියවසකට අධික කාලයක සිට ගැමියන් සිංහරාජ වන රක්ෂිතය ආසන්නයේ වැටී ඇති මාර්ගයේ දෙනියායට සහ නෙළුවට තේ දළු රැගෙන යනවා.  

නෙළුව, උඩුගම, කරාපිටිය රෝහල් වෙත රෝගීන් රැගෙන යාමට, දරුවන්ගේ අධ්‍යාපනයට සහ දෛනික ජීවන ක්‍රියාවලියේදී මාර්ගයේ පවතින තත්ත්වයයි දැඩි බාධාවක් වී ඇත්තේ.

ඊට පිළියම් ලෙසයි “නෙළුව - ලංකාගම - පිටදෙනිය” මාර්ගයේ ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරුණේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ යුද හමුදාව මාර්ග ප්‍රතිසංස්කරණය භාරව සිටී. කිලෝමීටර් 18ක දුර ප්‍රමාණය මාස තුනක් තුළ නිම කිරීමට උපදෙස් දී තිබෙනවා.

මාර්ගයේ ප්‍රතිසංස්කරණ  අවසන් වීමෙන් පසු ලංකාගම සිට දෙනියායට යාමට ගතවූ පැය 4කට ආසන්න කාලය විනාඩි 45කට කෙටි වනු ඇති.

ප්‍රතිසංස්කරණයේදී රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට හෝ හානි නොවිය යුතු බවයි ජනාධිපතිවරයා තරයේ අවධාරණය කර ඇත්තේ.

ප්‍රතිසංස්කරණයෙන් පසු නෙළුව සිට දෙනියායට බස් රථයක් දෛනිකව ධාවනයට එක් කිරීමටද තීරණය කර තිබෙනවා.

ලංකාගම ග්‍රාමයේ වැල් පාලම වෙනුවට දිගින් අඩි 120කින් සහ පළලින් අඩි 06කින් යුත් පාලමක් ඉදිකිරීම ද මීට සමගාමීව සිදු කෙරෙනවා.

වතුගල, ලංකාගම, නිල්වැල්ල, කොළොන්තොටුව සහ පිටදෙනිය ගම්මානවල දරුවන්ට පාසලට පැමිණීමට මෙතෙක් පැවති බාධකය ඉන් ඉවත් කෙරෙනු ඇති.

පවුල් 700ක් වෙසෙන ලංකාගම ප්‍රදේශයේ සෑම පවුලකටම පැල 3 බැගින් නොමිළේ දී පැළ 2100ක් වගා කර ඔවුන් විසින්ම රැකගෙන වන රක්ෂිතයට දායාද කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

මෙහිදී ජනතාව ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ සිංහරාජ වන රක්ෂිතය සහ පරිසර පද්ධතිය තමන් පාරම්පරිකව රැකගෙන ආ බවයි.

ඒ බව හරි හැටි නොදන්නා පරිසරවේදීන් කණ්ඩායමක් මෙම මාර්ගයේ සංවර්ධන කටයුතුවලට බලපෑම් කරන බව ද ප්‍රදේශවාසීන් පෙන්වා දුන්නා.

ගාල්ල - නෙළුව සිට ලංකාගම දක්වාවන මෙම ග්‍රාමීය මාර්ගය ප්‍රදේශවාසීන් පවසන අන්දමට වළගම්බා රජ සමය දක්වා ඉතිහාසයකට උරුමකම් කියන මාර්ගයක්.

සිය දෛනික කටයුතු සඳහා ගම් වැසියන් විශාල පිරිසක් එහා මෙහා ගමන් ගන්නා මෙම මාර්ගයේ නිසි ප්‍රතිසංස්කරණයක් මෙතෙක් සිදු වී නැහැ.

නෙළුව, උඩුගම සහ කරාපිටිය රෝහල් වෙත රෝගීන් රැගෙන යාමට සහ දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්ම ජනතාවගේ දෛනික කටයුතු සඳහා මාර්ගයේ පවතින තත්ත්වය බාධාවක් වී තිබෙනවා.

ඊට පිළියම් ලෙස 2013 වසරේදී මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ නමුත් එය අතරමග නතරවී තිබුණා.

ඒ අනුව යලිත් එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරෙන්නේ පසුගිය ජූලි මස 30 වැනිදායි.

ඒ ශ්‍රී ලංකා යුද හමුදාවේ 12 වන ඉංජිනේරු බලකායේ සෙබලූ‍න් යොදවමින්.

මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේදී අඩි 10ක පමණ පළලකින් යුතු මාර්ගය අඩි 12ක් දක්වා පුළුල් කිරීම සිදුවනවා.

කෙසේ වෙතත් පරිසර සංවිධාන මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට සිය විරෝධය පළ කළා.

ඒ ගිං ගඟ රක්ෂිතයටත් සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තරයටත් මැදිව මෙම මාර්ගය පිහිටා තිබීම හේතුවෙන්.

ඔවුන් සඳහන් කළේ, මාර්ගයේ ඉදිකිරීම් හරහා පරිසර පද්ධතියට හානි වන බවයි.

ඒ පිළිබඳ දැනුවත් කරමින් වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය ජනාධිපතිවරයාට ලිපියක් ද යොමුකළා.

කෙසේ වෙතත් සිය දෛනික අවශ්‍යතා වෙනුවෙන් ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට පරිසර සංවිධාන එරෙහි වීමට විරෝධය පා ප්‍රදේශවාසීන් පසුගිය දා උද්ඝෝෂණයක ද නිරත වුණා.

ඔවුන් ඉල්ලා සිටියේ හැකි ඉක්මණින් මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටුයුතු අවසන් කර සිය ගමනා ගමන කටයුතු පහසු කර දෙන ලෙසයි.

දෙපාර්ශවයේ ම ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා පසුගිය 19 වැනිදා මහාමාර්ග අමාත්‍යංශයට දැනුම් දුන්නේ නිසි පරිසර අධ්‍යයනයක් සිදු කරන තෙක් සංවර්ධන කටයුතු අත්හිටුවන ලෙසයි.

කෙසේ වෙතත්, අද සංචාරයෙන් අනතුරුව මෙම මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දීමත් සමඟ  මාර්ගයේ ප්‍රතිසංස්කරණය කටයුතු නිමා වීමෙන් පසු ලංකාගම සිට දෙනියායට ගමන් කිරීම සඳහා මේවන විට ගතවන පැය 4කට අධික කාලය විනාඩි 45ක දක්වා කෙටි වනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories