මාස දෙකකට පසු ඕස්ට්‍රේලියාවෙන් කොරෝනා මරණයක් වාර්තා නොවේ

Tuesday, 15 September 2020 - 14:36

%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A
මාස දෙකකට පසු ප්‍රථම වතාවට අද ඕස්ට්‍රේලියාවෙන් කොරෝනා වෛරස් මරණයක් වාර්තාවී නොමැති බව එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළා.

පසුගිය කාලය තුළ නව ආසාදිතයන් ක්‍රමයෙන් අඩුවීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වූ මෙල්බර්න් නුවර සීමාවන් දැන් ලිහිල් කර තිබෙනවා.

පසුගිය ජූලි මාසයේ දිනකට අසාදිතයන් 700 ක් පමණ වාර්තාවුවත් පැය 24 තුළ වාර්තාවී ඇත්තේ නව ආසාදිතයන් 50 දෙනෙකු පමණයි.

එමෙන්ම ජූලි 13 වනදාට පසු ප්‍රථම වරට අද එරටින් කොරෝනා මරණයක් වාර්තාවී නොමැති බව විදෙස් වාර්තා කළා.

ඕස්ට්‍රේලියාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 26,739 ක් වාර්තාවී ඇති අතර, එරට කොරෝනා මරණ සංඛ්‍යාව 816 ක්.