අද සිට බස්, ත්‍රීවිල් සහ යතුරුපැදි එක මඟක (වීඩියෝ)

Wednesday, 16 September 2020 - 6:56

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%2C+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%91%E0%B6%9A+%E0%B6%B8%E0%B6%9F%E0%B6%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


බස්නාහිර පළාතේ මාර්ග 04 ක් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක බස් ප්‍රමුඛතා මංතීරු නීති පෙරහුරුවේ තුන්වන දිනය අදයි.

මංතීරු නීතිය යටතේ අද සිට බස් රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ධාවනය කළ යුතු වන්නේ බස් රථ සඳහා වෙන් කර ඇති මංතීරුවේ පමණක් බව පොලීසිය පවසනවා.

කෙසේ වෙතත්, මෙම තීරණයට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විරෝධය පළ කළා.  

මේ අතර, කොළඹ නගරයේ දැනට ක්‍රියාත්මක පෙරහුරු කාලසීමාවෙන් පසු මංතීරු නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව රුපියල් දෙදහසක දඩයක් පැනවීමට පියවර ගන්නා බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියා සිටියේ.

එසේම, මංතීරු නීතිය පිලිබදව දැනුවත් කෙරෙන පුවරු මාර්ගයේ ප්‍රදර්ශනය කළ කාන්තා පොලිස් නිලධාරිනියන් එම රාජකාරියෙන් ඉවත් කර වෙනත් රාජකාරියක් සඳහා යොදවන ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් ලබාදී තිබෙනවා.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලත් බරපතල ගැටළුවක් බවට පත්ව ඇති වාහන තදබදයට විසඳුමක් ලෙස මෙම මංතීරු නීතිය පෙරේදා සිට යළි ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගත්තා.