කොළඹ කොටස් හුවමාරුවේ කැපී පෙනෙන වර්ධනයක් (වීඩියෝ)

Wednesday, 16 September 2020 - 13:19

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%93+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පූර්ව කොවිඩ් 19 කාලයට සාපේක්ෂව කොළඹ කොටස් හුවමාරුවේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව වෙළඳ පොල දත්ත පෙන්වා දෙනවා.

ඒ අනුව කොවිඩ් 19 වසංගතයට පෙර පෙන්වූ අගයන් වලට සාපේක්ෂව මේ වන විට සියලු කොටස් මිල දර්ශකය සහ S&P ශ්‍රී ලංකා මිල දර්ශකය  ඉහළ අගයන් වාර්තා කර තිබීම විශේෂත්වයක්.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු කොළඹ කොටස් හුවමාරුව යළි විවෘත කෙරුණේ පසුගිය මැයි 11 වනදායි.

ඉන් අනතුරුව ගත වූ කාලය සැලකීමේදී සියලු කොටස් මිල දර්ශකය 18.97% ක වර්ධනයක් ලබා ගෙන තිබෙනවා.

එමෙන්ම කොළඹ කොටස් හුවමාරුවේ විශාලතම සහ වඩාත්ම ද්‍රවශීලතාවයක් සහිත S&P SRILANKA 20 දර්ශකය වෙළඳපොල නැවත විවෘත කිරීමෙන් පසු ලබා ඇති ප්‍රගතිය 21.15% ක්.

 මැයි මස 11 වනදා සිට සැප්තැම්බර් 11 වනදා දක්වා වූ සිව් මසක කාලය තුල වෙළඳපොල ප්‍රාග්ධනීකරණයට රුපියල් බිලියන 235.5 ක වටිනාකමක් එකතුවීමද කැපී පෙනෙනවා.

දෛනික ගනුදෙනු ප්‍රමාණයද 2018 වසරට සාපේක්ෂව 133% කින් ඉහළ ගොස් ඇතැයි කොළඹ කොටස් හුවමාරුව පවසනවා.

කොවිඩ් 19 වසංගතයෙන් අනතුරුව ගනුදෙනු ආරම්භවීමෙන් පසු දේශිය ආයෝජකයන්ගේ දායකත්වය සමස්ත වෙළඳපොල පිරිවැටුමෙන් 75% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය වෙළඳ පොල වසා දැමීමට පෙර තත්ත්වය සැලකීමෙදී 36% ක වර්ධනයක්.